Electronic Commerce/ E- Business යන නම් වලින් හඳුන් වන්නේ Electronic System වලින් භාන්ඩ විකිණීම සහ මිලදී ගැනීම සිද්ද කිරීමයි.මේ සඳහා ප්‍රධානව අන්තර්ජාලය ඇතුලුව මෙනත් ප්‍රධාන Computer Networks භාවිතා කරනු ලබනවා. Electronic Commerce වල පැවැත්ම රඳා පවතිනුයේ අන්තර්ජාලය භාවිතා කරන පිරිස මතයි..
අප ශ්‍රි ලංකාව තුල මෙන් නොව වෙනත් දියුනු රට වල Electronic මුදල් හුවමාරුවද, අන්තර්ජාල හරහා භාණ්ඩ අලෙවි කිරීම, සෘජුවම අන්තර්ජාලයට සම්බන්ද වී ගනුදෙනු සිද්ද කිරීම, Electronic දත්ත හුවමාරුව, භාණ්ඩ ලේඛන පාලනය සහ ස්ව්‍යංක්‍රීය දත්ත ගබඩා කිරීම ආදී කටයුතු අන්තර්ජාලය හරහා මිනිසුන් ඉතා පහසුවෙන් සිද්ද කර ගන්නවා.
E-Commerce භවිතා කර ලෝකයේ අන්තර්ජාලය හරහා සේවා සපයන ආයතන විශාල සංඛ්‍යාවක් ඇත.එම ආයතන වල වෙබ් අඩවි වල ඔබට අවශ්‍ය භාන්ඩය සොයා බලන්න.නිසැකවම ඔබට එම භාන්ඩය සොයා ගත හැකි වේවි.එපමණක් නොව ඔබට එම භාන්ඩය සෘජුවම අන්තර්ජාලය හරහා සිල්ලර වෙලෙන්දන් මගින් ඔබට මිලදී ගත මිලදී ගත හැකි වේවි.විශ්වාස වන්ත ලෙස, ආරක්ෂාකාරීව ඔබට එම භාන්ඩය ගෙදරටම ගෙන්වා ගත හැකි වේවි.
No comments:
Post a Comment