Sunday, October 31, 2010

තාක්ෂණය (Technology)

Author: Bashini Mahaarachchi
e.mail : bashini199100954@gmail.com

උපකරණඋපක්‍රමක්‍රියාපිළිවෙත් වල භාවිතය තාක්ෂණය ලෙස හැදින්විය හැක.නමුත් එහි අදහස භාවිතයේදී වෙනස් විය හැක.එය භෞතිකමය නිර්මාණයන්ගේ භාවිතය ලෙසද හැදින් විය හැක.තාක්ෂණය මිනිසාගේ මෙන්ම අනිකුත් ජීවී විෂේශයන්ගේ ජීවිත වලටද විශාල බලපෑමක් අති කරයි.ඔවුන් ජීවත් වෙන පරිසරය වෙනස් කිරීමටද එය උපකාරී වේ.
තාක්ශණය මිනිසාගේ ජීවිතයට එකතු වෙන්නේ ඔහු අනිකුත් ස්වාභාවික වස්තූන් සමඟ සම්භන්ධතා ආරම්භ කිරීමත් සමඟයි.
ප්‍රාග් ඒතිහාසික සොයාගැනීම් වලට අනුව ගින්දර සොයා ගැනීමත් සමඟ මිනිසාගේ ආහාර රටාව සන්කීර්ණ විය.රෝදය සොයාගැනීමත් සමඟ ප්‍රවාහන රටා වෙනස් වූ අතර සන්කීර්ණ විය.
නූතන තාක්ෂණයේ දියුණුව ලෙස සන්නිවේදණයේ දියුණුව පෙන්වා දිය හැක.එයට අන්තර්ජාලය,දුරකථන,මුද්‍රණ කටයුතු ආදිය එකතු වේ.තාක්ෂණික දියුණුව මිනිසගේ දෛනික කටයුතු පහසු කරනවා මෙන්ම සන්කීර්ණද කරයි.තාක්ෂණය මිනිසාගේ ලෝක ව්‍යාප්ත සම්භන්ධතා දියුණු කිරීමට උපකාරී වේ.
නමුත් තාක්ෂණය යොදාගන්නේ සාමකාමී කටයුතු වලට පමනක් නොව අවි ආයුද න්‍යශ්ඨික ක්‍රියාකාරකම් වල වර්ධනයටද තාක්ශණයේ දියුණුව උපකාරී වේ.තාක්ෂණය සමඟ සමාජීය දියුණුව සලකන විට එය රටේ ආර්ථික දියුණුව සඳහාද විශාල පිටුවහලක් වේ.
නමුත් තාක්ෂණය යොදාගන්නේ සාමකාමී කටයුතු වලට පමනක් නොව අවි ආයුද න්‍යශ්ඨික ක්‍රියාකාරකම් වල වර්ධනයටද තාක්ශණයේ දියුණුව උපකාරී වේ.තාක්ෂණය සමඟ සමාජීය දියුණුව සලකන විට එය රටේ ආර්ථික දියුණුව සඳහාද විශාල පිටුවහලක් වේ.
විව්ධ තාක්ෂණික නිපදවී සමඟම අනවශ්‍ය අපද්‍යවය එකතුවීම නිසා පරිසර දූෂණයක් සහ ස්වාභාවික සම්පත් පරිහානියට පත්වීමක්ද සිදු වේ.තවද තාක්ෂණික දියුණුව සදාචාරාත්මක ගැටලු වලටද හේතුව වී ඈත.
නිශ්පාදන කටයුතු කර්යක්ශම කරගැනීම සඳහා තාක්ෂණික දියුණුව භාවිතයත් සමඟ මිනිස් ශ්‍රමය භාවිතය අඩු වීම නිසා සාම්ප්‍රදායික පිළිවෙත් වෙනස් වීමක්ද සිදු වී ඇත.
මෑතකදී සිදු කරන ලද විද්‍යාත්මක සොයා ගැනීම් අනුව ඩොල්ෆින් වැනි සත්වයන්ද ඔවුන්ගේ දැනුම බෙදා ගැනීම සඳහා ඉතා සරළ තාක්ෂණික උපක්‍රම භාවිතා කරයි.

පරිවර්තනයකි.

No comments:

Post a Comment